ලොව ගෞරවාන්විතවම ගණිත සම්මානය පළමු වරට කාන්තාවකට

Picture of අසංක

අසංක

ලොව පිළිගත් ජාත්‍යන්තර ගණිත සම්මානය වන Abel Prize ප්‍රථම වරට කාන්තාවක හිමි කරගෙන තිබේ.

ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අමෙරිකානු මහාචාර්යවරියක වන ඇය කැරෙන් කෙස්කුලා හුලෙන්බැක් ය.

ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු විද්‍යා ඇකඩමිය මේ බව නිල නිවේදනය කර ඇත.

විද්‍යාවේ සහ ගණිතයේදී ලිංග භේදයට සමානාත්මතාවක් එක්කිරීමේ ගෞරවය ද ඇයට හිමිවේ.

ජ්‍යාමිතික විශ්ලේෂණයේ මූලික කාර්යයන් සහ මිනුම් න්‍යායන් ගණිතමය දර්ශනය දක්වා විස්මිත අයුරින් වෙනස් කිරීම ඇය මෙම සම්මානයට පාත්‍රවීමට හේතුවයි.

බොහොමයක් දෙනා අපේක්ෂාවෙන් සිටින මෙම සම්මානය නෝර්වේජියානු ක්‍රෝනර් හත්ලක්ෂ හාරදහසක පමණ වටිනාකමකින් යුක්තය.