20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර ඇත.
සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු කර ඇත,
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමින් මෙලෙස සමගි ජනබලවේගය ශ්‍රේෂ්ටාධිකරනය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කොට ඇත.
එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
20 වන සංශෝධනය මගින් ජනතාවගෙ පරමාධිපත්‍යය බලය අහිමි වීමක්, බලතල බෙදී යාමේ සංවරන තුලන ක්‍රමය අභියෝගයට ලක් වීමක් සිදු වන බව පෙත්සම්කරු පවසා ඇත .
තවද මෙම සංශෝධනය හරහා මහජන මුදල් වල විනිවිදභාවය අහිමි වී යන බව පවසන පෙත්සම්කරු මෙම පෙත්සමට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ ඉංදික ගාල්ලගේ යන අය ඇතුළු පාර්ශවයන් 5 ක් විශේෂ පෙත්සම් ගොනු කර ඇත.