ගංජා නීතිගත කරන ව්‍යාපාරය පිටුපස ජාත්‍යන්තර ජාවාරම්කරුවන් – අගරදගුරු

Picture of අසංක

අසංක

ගංජා නීතිගත කළ යුතු බවට ඇතැම් පුද්ගලයන් හා සංවිධාන ගෙනයන මතවාදී අරගලය පිටුපස සිටින්නේ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් හා කුමන්ත්‍රණකරුවන් පිරිසක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා අමද්‍යප සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කාදිනල්වරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබෙන අවස්ථාවක කිසිසේත්ම ගංජා නීතිගත කිරීම සිදු නොවිය යුත්තක් බවත්, එසේ නීතිගත කරන්නේ නම් ඊට දැඩි විරෝධය පළකරන බවත් කාදිනල්වරයා මෙහිදී පැවසීය

ඇතැම් ඇමතිවරුන් පවා ගංජා නීතිගත කිරීමට පක්ෂව අදහස් දක්වා තිබෙන බව පෙන්වා දෙන කාදිනල්වරයා පවසන්නේ එය ඉතා ඛේදනීය තත්වයක් බවයි. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලවල පවා සාකච්ඡා පවත්වා තිබෙන බවත් ඒ අනුව පැහැදිලිවම මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි බවත් කාදිනල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.