පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය කිරීම සඳහා රජය මේවනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටී.
ඒ අනුව ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල් ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටී .
සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ ප්‍රතිචක්‍රීයකරණය ප්‍රවර්ධනය සඳහා නිර්දේශිත ප්ලාස්ටික් හඳුනාගැනීමට ජාත්‍යන්තරව පිළිගත් එකේ සිට හත දක්වා කේත ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, පරිසර හිතකාමී හෝ ජෛව හායනයට පත්වන දෑවලින් නිපදවන සිලි සිලි මලු නිපදවිය යුතු බවත්, අධිකාරිය සඳහන් කර සිටී.
තත්ත්වයෙන් බාල සිලි සිලි මලු ආදිය ලබන වසරේ මැද සිට නියාමනය කරන බවද . සිලි සිලි මලු සඳහා මයික්‍රෝන 20 නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අධිකාරිය පැවසීය.