නවතම පුවත්

කොරෝනාවෙන් වැටුණු නවසීලන්ත ජනජීවිතය යථාතත්වයට

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය මේ වනවිට පියවර ගනිමින් සිටී.

ඒ අනුව ඊයේ දින නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවය.

තව ද ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර විවාහ උත්සව, ක්‍රීඩා උත්සව වැනි අවස්ථාවලදී තවදුරටත් සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම අවශ්‍ය නොවනු ඇත.

එසේම සියලු දෙනාට සුපුරුදු පරිදි සේවා ස්ථාන වෙත වාර්තා කළ හැකි අතර සේවා ස්ථාන තුළදී මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය නොවේ.

කෙසේ වෙතත් ඕක්ලන්ඩ්හි වැසියන් සහ ගුවන් මගීන්ට තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ඊට හේතුව පසුගිය අගෝස්තු මාසයේදී යළිත් එහි වෛරසය හිස ඔසවන්නට වීමයි.

නවසීලන්තය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1468ක් වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 25කි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා