උසස්පෙළ ටියුෂන් ලබන 6 වැනිදා සිට තහනම්

Picture of අසංක

අසංක

මෙවර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති,සම්මන්ත්‍රණ හා වැඩමුළු ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දක්වෙන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හා වැඩමුළු හා සම්මන්ත්‍රණ ලබන 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම් බවය.

අපොස උසස් පෙළ විභාගය ලබන 12 වැනිදා ආරම්භ වන අතර එය නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනිදා පැවැත්වෙ.