කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල් වෙයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ මහජන පුස්තකාල ව්‍යාපෘතිය යටතේ ශ්‍රීී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (), ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබාදෙන සේවාවන් රැසක් ඩිජිටල්කරණය කර ඇත.

මේ යටතේ සෑම සාමාජිකයකුටම පරිගණකගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවන අතර ඩිජිටල්කරණය නිසා අවශ්‍ය පොත්පත් තෝරා ගැනීමට වැයවන කාලය ඉතා අවම වී තිබේ.

එමෙන්ම දුර්ලභ තොරතුරු අඩංගු මුද්‍රිත ලිපිලේඛන ආදියෙහි මෘදු පිටපත් ද පරිශීලන කිරීමට මෙහිදී හැකිවේ.

පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වන ආකාරයෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ හැදෑරීමේ අවස්ථාව ද දරුවන්ට හිමිවන අතර අන්තර්ජාලය ඔස්සේ පුවත්පත් කියවීමේ පහසුකම් මෙන්ම ලොව ප්‍රකට ස්‍රගරා, වාර ප්‍රකාශන ටැබ් යන්ත්‍ර ඔස්සේ පරිශීලනය කිරීමේ පහසුකම් ද පාඨකයන්ට හිමිව තිබීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.