ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් යෝජනාව සම්මතයි

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබද ගෙන ආ මානව හිමිකම් යෝජනාව සම්මත වී තිබේ.

ඒ ඡන්ද විමසීමකින් ද තොරවයි.

බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ගෙන ආ යෝජනාවට මෙහිදී ශ්‍රී ලංකාව ද සම අනුග්‍රාහකත්වය දක්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වසර 2ක කාලය ලබාදීම ද මෙම යෝජනාව මගින් ඉටුවිය.

මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් ප්‍රශංසාවට ලක් කර ඇති අතර තවදුරටත් ඉටු කළ යුතු කරුණු කිහිපයක් මෙම යෝජනාව මගින් ඉදිරිපත් කර ඇත.