හොරිකඩ කතාවට මලිත්-අනුර යාපා හැප්පෙති

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

පාර්ලිමේන්තු පිවිසුම අසල අද මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම අල්ලාප සල්ලාපයේ යෙදි සිටියහ. චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා සහ රංජිත් සොයිසා ඒ අතර සිටි එක් කණ්ඩයාමකි. පොට්කෝව අසලින් තවත් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් කතා බහ කරමින් ඉදිරියට පිමිණෙමින් සිටියහ. ඒ මලිත් ජයතිලක සහ මහින්ද අමරවීරය. ඔවුන් චමල් ඇතුළු කණ්ඩායම සිටි තැන මොහොතකට නැවැතුනේය.

ආ කොහොමද මන්ත්‍රිතුමලා යැයි කියමින් මලිත් සුහද කතාබහකට එකතුවුයේ අනුර යාපාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
ඒදා මට හොරිකඩය කිව්වෙ ඇයි ? දැයි මලිත් කෙළින්ම අනුර යාපාගෙන් ඇසුවේය. සුහද කතාබහ අතාරේ පිළිතුරුද සුහුද ශීලීය. ආ මම එහෙම කිව්වෙ දේශපාලන පාවාදීම් කරන එවුන්ට කියන්න වෙන වචනයක් නෑ. ඒ වචනෙ තමයි හොරිකඩායා . අනුර යාපා සිනාසුනේය.


මලිත්ට නම් සිනා මල් පිපුණේ නැත. අනුරයාපා එතැනින් නොනැවතී තවත් කතාවක් කීවේය. උඹලගෙ නායකයට කියපන් කෙළින් වැඩ කරන්න කියලා යැයි කී කතාවට මන්ත්‍රිවරු සිනා සෙන්නට වුහ. මලිත් අමරවීර සමග පාර්ලිමේන්තුව පිවිසුනේ අපි වෙලාවට ඒවා කියලා තියෙන්නෙ යැයි කියමිනි.