මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් මිලියන 1000ක්

Picture of අසංක

අසංක

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 989ක ණය මුදලක් චීනය විසින් ලබාදී තිබේ.

අදාළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම අමෙරිකානු ඩොලර් බිලියන 1.16කි.

චීනය විසින් ලබා දෙන මෙම ණය මුදලින් එහි 85%ක ප්‍රතිශතයක් ආවරණය වන බව සඳහන්ය.

චීන ව්‍යාපෘතියක් වන හම්බන්ෙතාට වරාය, කටුනායක ගුවන්තොටුපළ හා මහනුවර සම්බන්ධ කරමින් මධ්‍යම අධිෙව්ගය ඉදිකෙරේ.

චීන එක්සීම් බැංකුව විසින් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් විශාලතම ණය මුදල මෙය වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති චෙන් ෂු යුවන් මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබිය.