තිස්සමහාරාමයේ සැමියකු බිරිඳත් නැන්දම්මාත් මරාදමලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

තිස්සමහාරාමය සදුන්ගමුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ සැමියකු විසින් බිරිඳට හා නැන්දම්මාට කළ පිහිඇනුමකින් මියගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි සැකකරුගේ බිරිඳ හා 54 හැවිරිදි නැන්දම්මා ය.

පිහිඇනුමෙන් තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි.

පවුල් ආරවුලක් මත මෙය සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.

ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.