‘කරන්ට් කැපිල්ල නීතියට පටහැනියි’ – උපයෝගීතා කොමිසම

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනතාව නිසි පරිදි කලින් දැනුවත් නොකොට විදුලිය විසන්ධි කිරීම නීතියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කරයි.

එසේම මහජන උපයෝගීතා කොමිසමේ අවසර නොමැතිව, විදුලිබල මණ්ඩලයට හිතුමතේ විදුලිය විසන්ධි කිරීමට නොහැකි බවද එම කොමිසම අවධාරණය කර සිටී.

.පසුගිය දින කිහිපය තුළ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබුණු බවයි එම ආයතනයේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් ජයනාත් හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් ලිපියක් මගින් ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සහ ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත විදුලි කප්පාදු සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් ඉල්ලා තිබේ.