නවතම පුවත්

සැම්සුන්ග් සභාපතිවරයා දිවිගමනට සමුදෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු කොරියාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන සැම්සුන්ග් හි සභාපති ලී කුන්-හී සිය දිවි ගමනට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

78 වැනි වියෙහි පසුවූ සැම්සුන්ග් සභාපතිවරයා 2014 වසරේ සිට දීර්ඝ කාලයක් හෘදයා බාධයකින් පීඩා වින්ඳේය.

“සභාපති ලී යනු දේශීය ව්‍යාපාරිකයෙකුගෙන් සැම්සුන්ග් ලොව ප්‍රමුඛතම නවෝත්පාදක සහ කාර්මික බලාගාරය බවට පරිවර්තනය කළ සැබෑ දැක්මක් ඇති අයෙකි” සැම්සුන්ග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. “සැම්සුන් හි සිටින අප සියලු දෙනා ඔහුගේ මතකය අගය කරනු ඇති අතර, අපි ඔහු සමග බෙදාගත් ගමනට කෘතඥ වන්නෙමු.”

ලීගේ පුත්, ජේ වයි ලී 2012 දී උප සභාපති ධුරයට පත්වූදා සිට සමාගමට නායකත්වය දුන් අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව ඔහු එම පදවිය උරුම කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා