නවතම පුවත්

ලංකාවට කළ අනතුරු ඇඟවීම අමෙරිකාවේ නරක පුරුද්ද හෙළි කිරීමක් – චීනය

අසංක

අසංක

අමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකාව වෙත කළ අනතුරු ඇඟවීම කුඩා රටවල්වලට හිරිහැර කරමින් , ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ඇමෙරිකානු රජය සතු නරක පුරුද්ද නැවත ලොවටම හෙළි කිරීමක් බව චීනය අවධාරණය කර සිටී.

එසේම ඇමෙරිකානු රජය මේ හරහා , සීතල යුද්ධය හා බැඳුණු මානසිකත්වය නැවත ප්‍රදර්ශනය කර ඇති බවද චීන විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටී.

අමෙරිකාව තමන්ට පක්ෂපාතීව කටයුතු කරන්නැයි ලෝකයේ සෙසු රටවල්වලට බලපෑම් කරමින් සිටින බව මේ හරහා පෙනී යන බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා පසුගියදා ශ්‍රී ලංකාව සම්භන්ධව කල ප්‍රකාශයට විරෝධය දැක්වීමක් ලෙස චීන විදේශ අමාත්‍යංශය මෙම ප්‍රකාශය සිදුකර ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පවසා තිබුණේ ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමග දැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතුව ඇති බවයි.

”කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බවද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබිණ.

තොම්සන් මහතාගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට කල අනතුරු ඇඟවීමක් ලෙස චීන විදේශ අමාත්‍යංශය හඳුන්වා ඇති අතර , එම ප්‍රකාශය සිදුකර පැය 24ක් ගතවීමටත් පෙර චීන විදේශ අමත්‍යංශය ඒ පිළිබඳව තම මතය මෙසේ නිවේදනය කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා මෙසේද සඳහන් කර ඇත.

අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ අදාළ ප්‍රකාශය සීතල යුද්ධයක මානසිකත්වය හා ආධිපත්‍යය සමග බැඳී තිබෙනවා. ඕනෑම රටකට ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව විදේශ සබඳතා ස්වාධීනව වර්ධනය කර ගැනීමේ අයිතිය තියෙනවා. රටවල් අතර සාමාන්‍ය සහයෝගීතාවයට බාධා කිරීම සඳහා පීඩනය හා බලහත්කාරය භාවිතා කිරීමට දරන ඕනෑම උත්සාහයක් සාර්ථක නොවනු ඇති මාගේ විශ්වාසයයි. අවසානයේදී ඔවුන් නින්දාවට හා අපහාස පත්වනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සිනහවට ලක්වන කොටසක් බවට පත්වෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා