“සුදර්ශන පැණිය” කොරෝනා මඬින්නත් සුදුසු බව වෛද්‍ය කණ්ඩායමක් සොයාගනී

Picture of අසංක

අසංක

දේශීය ආයුර්වේද ඖෂධයක් වන “සුදර්ශන පැණිය” කොරෝනා වෛරස රෝගය මර්ධනය කිරීම සඳහාද භාවිතා කල හැකි බව ශ්‍රී ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ විශේෂඥයින් කාණ්ඩයමක් විසින් කල පර්යේෂණයකින් අනාවරණය වී ඇත

මේ පිළිබඳව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය අතර අද දින විශේෂ සාකච්ජාවක් පැවැත්වුණු අතර එහිදී මෙම ඖෂධය, කොරෝනා රෝගීන් සඳහා රජයේ රෝහල් වලදී ලබාදීමට මූලික එකඟතාවයක්ද ඇතිවී

ආයුර්වේදයේ එන සුදර්ශන පැණිය කොරෝනා රෝගයට අදාළව භාවිතා කළ හැකි පරිදි නවීකරණය කිරීමට අදාළ විශේෂඥයින් කණ්ඩායම සමත්ව ඇති බවත් සියලු පරීක්ෂණ කටයුතු බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද සාර්ථක යැයි පෙනී යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙම සාර්ථකත්වය මත ඉදිරියේදී මෙම පැණිය රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා ලබා දීමට කටයුතු සලස්වනු ඇති බවද ඔහු පැවසීය