නවතම පුවත්

කොරෝනා ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහල් වෙන් කිරීමට පියවර

අසංක

අසංක

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරියේදී ආයුර්වේද රෝහල්ද භාවිතා කරීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව මූලික වශයෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට මෙසේ කොරෝනා රෝගීන්ඇ තුළත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරමින් ඇති බවද වාර්තාවේ.

පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ පමණින් කොරෝනා ආසාදිතයින් රජයේ ප්‍රධාන රෝහල් වලට ඇතුලත් නොකර මෙසේ ආයුර්වේද රෝහල්වලට ඇතුලත් කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා අප වෙත පැවසීය.

ඒ අනුව එහිදී යම්කිසි අසාධ්‍ය තත්වයක් උද්ගත වුවහොත් පමණක් එම රෝගීන් රජයේ ප්‍රධාන රෝහල් කරා රැගෙන යාමටත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ඔහු පැවසීය.

රාජගිරිය ආයුර්වේද රෝහල ඒ සඳහා සූදානම් වුණු විගස එම ස්ථානයට ආසාදිත පුද්ගලයින්, යොමු කිරීමට සූදානම් කිරීම අපේක්ෂා කරන බවද ඔහු පැවසීය
පළවෙනි අදියරේදී රාජගිරිය ආයුර්වේද රෝහල මේ සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති අතර එහි අත්දැකීම් අනුව ඉදිරියේදී අනෙකුත් ආයුර්වේද රෝහලද ඒ සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා