නවතම පුවත්

යුරෝපයේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට යුරෝපයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10ක් ඉක්මවා ඇති අතර, පසුගිය සතියේ පමණක් මිලියන 1.5කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසයි.

“යුරෝපය යළිත් වරක් මේ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා” යැයි ක්ලුජ් යුරෝපීය සෞඛ්‍ය ඇමතිවරුන් සමග පැවති රැස්වීමකදී පැවසීය.

“අවදානම ඉතා ඉහළ අවස්ථාවේදී අනතුරු ඇඟවීම මා කළ යුතුයි. මේ පිළිබඳ අපගේ සැබෑ සැලකිල්ල ප්‍රකාශ කළ යුතුයි. ඔබ අසල රැඳෙමින්, අපට හැකි උපරිමයෙන් ඔබට සහාය දැක්වීමට අපගේ ස්ථිර කැපවීම ප්‍රකාශ කළ යුතුයි.” හෙතෙම සඳහන් කළේය.

යුරෝපය තුළ පසුගිය සති දෙක තුළ රෝහල්ගත කිරීම් මීට මීට පෙර වසන්ත සෘතුවේ දැකිය නොහැකි වූ තත්ත්වයකින් ඉහළ ගොස් ඇති බවට ක්ලූජ් අනතුරු ඇඟවීය. පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 7 සිට මිලියන 9 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සතියේ කලාපය පුරා මරණ 32%කින් ඉහළ ගොස් තිබේ.

ඉතා වේගයෙන් සම්ප්‍රේෂණ සිදුවන තත්ත්වය තුළ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පද්ධති නොගැලපෙන බවත්, බොහෝ යුරෝපීය රටවල පරීක්ෂණ ධනාත්මකතා අනුපාත නව ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් හෙතෙම පවසා සිටියේය.

මේ අතර යුරෝපය එහි දෙවැනි රැල්ලට වේගයෙන් පිවිසෙමින් ඇති පසුබිමක, බොහෝ රටවල් නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා නව සීමාවන් ක්‍රියාත්මක කරමින් සිටියි.

ප්‍රංශය සිකුරාදා සිට ජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් හඳුන්වා දීමත් සමග ක්ලූජ් කියා සිටියේ මෙවැනි ලොක්ඩවුන් එකකට යෑම අවසාන විකල්පය බවයි. වෛරසය පාලනය සඳහා වූ මූලික හා ඵලදායී ක්‍රියාමාර්ගවල නිරතවීමේ හැකියාව තවමත් බොහෝ රටවල් මඟහැර ඇති බැවින් මෙවැනි ලොක්ඩවුන් තත්ත්වය අවසන් විකල්පය වී ඇති බව ඔහු අවධාරණය කළේය.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි