පැතුම් වික්‍රමරත්න
ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මතවූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලේට් මහත්මිය අවධාරණය කර සිටී.
මානව හිමිකම් සුරකීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට තම කාර්යාලය කටයුතු කරන බව, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස සමග ජිනීවා හිදී පවතී විශේෂ සාකච්ජාවකදී බැච්ලේට් මහත්මිය අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ රජය මෙම යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳවද මහකොමසාරිස්වරිය මෙහිදී සතුට පළකර ඇත.