පොලිස් සේවයේ නිරත කොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල පොලිස් නිලධාරීන් 520 දෙනකු නිරෝධායනයට ලක්ව සිටී.
මේ අනුව නිවාසවල ද ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3520 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කුණ්ඩසාලය පොලිස් අභ්‍යාස විදුහලේ ස්ථාන දෙකක්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය සහ හබරාදුව පොලිස් මධ්‍යස්ථානය කොරොනා ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇත.