පළාත් සභා යටතේ පුහුණුව ලැබූ සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹි බව එහි අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් අප වෙබ් අඩවියට පැවසීය
සංචාරක රියැදුරන් හා මගපෙන්වන්නන් හාරදහස් අටසිය දෙනෙකුට එම දීමනාව ලබන සතියේ සිට ලබාදෙන බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.