බස්නාහිර පළාත සහ ප්‍රදේශ 3කට ඇඳිරිනීතිය තවත් දීර්ඝයි

Picture of අසංක

අසංක

බස්නාහිර පළාතටම සහ තවත් ප්‍රදේශ 3 කට නිරෝධායන ඇඳිරිනීතිය හෙට (2) අලුයම 5 සිට ලබන 9 වැනිදා තෙක් දීර්ඝ කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වනවිට විශේෂ ප්‍රකාශයක් කරමින් covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව නිවේදනය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ද ලබන 9 වැනි දා තෙක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

පසුගිය 29 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට හෙට අළුයම 5 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය මීට පෙර පනවා තිබුණි.