අමෙරිකානු ජනපති පුටුවට ජෝ ළංවෙයි – ට්‍රම්ප් පරදින ලකුණු

Picture of අසංක

අසංක

2020 අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් අදියරේ කටයුතු මේවනවිට කි‍්‍රයාත්මක වෙමින් පවතින අතර මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල (electoral college votes) 209ට 118ක් ලෙස ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටි.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වි තිබුණද, එරට වැසියන් බොහෝ දෙනෙකු මහත් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කල අතර . ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී වාර්තාගත ඡන්ද ප‍්‍රකාශ කිරීමක් දැකිය හැකි වනු ඇති බව විචාරකයින්ගේ මතය වී තිබෙ.

කෙසේවෙතත්, දෙවන වරටත් ලොව බලවත්ම රාජ්‍යයේ පාලකයා ලෙස කිරුළු දැරීමට නම් ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ කොට්ඨාශ 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වේ