කොරෝනා වෛරසයේ බෝ වන හැකියාව දින 6කින් පසු අඩුවක්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාධනය වී දින හයකින් පමණ පසු එම ආසාධිතයාගෙන් වෛරසය තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම විශේෂයෙන්ම රෝග ලක්ෂණ රහිත ආසාධිතයින්ගෙන් මෙසේ දින හයක් පමණ ගතවූ පසු , එම වෛරසය වෙනත් අයෙකුට බෝ වීම සිදුනොවන බව දැනට විශේෂඥ මතය වන බවද හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

රෝග ලක්ෂණ රහිත පුද්ගලයින් දින 14කට පසු PCR පරීක්ෂණයක් නොකරම නිදහස් කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවත් ඔහු මෙහිදී පැවසීය

කෙසේ වෙතත් මෙහිදී උපරිම ආරක්ෂාව ලබා ගැනීම සඳහාත් අනවශ්‍ය අවදානමක් නොගැනීම සඳහාත් මේ සෑම කෙනෙක්ම තවත් දින 14කට නේවාසික නිරෝධයනකට ලක්කරන බවද ඔහු පැවසී