සජබ මන්ත්‍රීලා 4කට එරෙහිව දේශපාලන කොමිසමෙන් නීතිමය පියවර

Picture of අසංක

අසංක

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී අලවතුවල සහ මයන්ත දිසානායක යන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම පියවර ගනී.

එම මන්ත්‍රීවරුන්ට එරෙහිව කොමිසමට අපහාස කිරීමේ සහ එහි ආධිපත්‍යට බලපෑම් කිරීමේ චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ ඇත.

ඊට ආදළව ප්‍රකාශ ලබාගැනීම සඳහා එම මන්ත්‍රිවරු සිව්දෙනාට කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මොවුන් විසින් ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

කොමිසන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට අභියෝගයක් වන පරිදි කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන් ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය ලබන 23 වැනිදා දක්වා දීර්ඝකරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.