බස්නාහිර ඇඳිරිනීතිය සඳුදා අනිවාර්යයෙන් ඉවත් වෙනවා – පොලීසිය

Picture of අසංක

අසංක

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා (9) අනිවාර්යයෙන්ම ඉවත්වන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද අද පෙරවරුවේ මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ ලබන සදුදා (9) පෙරවරු 5 තෙක් පනවා ඇති ඇඳිරි නීතිය යළි දීර්ඝ නොකොට එදිනට ඇඳිරි නීතිය ඉවත් වීමට නියමිත බවයි.