නවතම පුවත්

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අලුයම ඉවත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නිරෝධායන  5.00ට ඉවත් කිරීමට නියමිත බව යුධ හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

මීට අමරතව කොළඹ දිස්ත්‍රික්කයේ  මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලීසිය, ආදිරිප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත යන පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 45 න් 12ක් මෙසේ හුදෙකලා කර තිබේ.

ඊට අමතරව මට්ටක්කුලිය මෙත්සද සෙවන, මිහිජය සෙවන මෝදර රන්මුතු සෙවන, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, දෙමටගොඩ සිරිසර උයන යන නිවාස සංකීර්ණද හුදෙකලා කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ,කඩවත, රාගම, මීගමුව, පමුනුගම, ජා ඇල හා සපුගස්කන්ද යන පොලිස් බල ප්‍ර දේශද හුදෙකලා කර තිබේ.

කලුතර දිස්ත්‍රික්කයේ හොරණ හා ඉංගිරිය පොලිස් වසම් දෙකත් වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයත් හුදෙකලා කර තිබේ.

කුරුණෑගල  දිස්ත්‍රික්කයේ නගර සභා සීමාව තවදුරටත් හුදෙකලා කර තිබේ.

කුලියාපිටිය පොලිස් වසම පමණක් හුදෙකලා කර තිබේ.  කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල යන පොලිස් බල ප්‍ර දේශ හුදෙකලා කර තිබේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා