නව ජනපතිට එරෙහිව ට්‍රම්ප් සගයෝ රටම කළඹයි

Picture of අසංක

අසංක

අමෙරිකාවේ ජනපතිවරණයට සමගාමීව මේ වනවිට අමෙරිකාව පුරා විරෝධතා සහ ගැටුම් උත්සන්න වී ඇත

ඇමෙරිකානු ජනපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් ආධාරකරුවන් සහ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම් හා විරෝධතා මතුව ඇත.

හිටපු ජනපති ට්‍රම්ප්ගේ කඳවුර දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ඡන්ද විමසීම නීත්‍යානූකූල නොවන බවයි.

ඒ සමගම ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් සිය ඡන්ද අයිතිය මංකොල්ල කෑ බවට ප්‍රකාශ කරමින් විරෝධතා වල නිරත වෙමින් ඇත

මෙවර ජනපතිවරණයේ අමරිකාවේ මහ ජාතිය ලෙස සලකන සුදු ජාතිකයන්ගේ බහුතර සහය හිමිව ඇත්තේද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටය.

ඇමෙරිකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව, ආසියානු ප්‍රජාව, ඉන්දියානු සහ ද්‍රවිඩ ප්‍රජාව, මෙක්සිකානු සංක්‍රමණිකයන් සියලූම දෙනාගේ සහය හිමි වූයේ ජෝ බයිඩන්ටය.

මෙම දේශපාලනික ගැටුම එරට සුදු ජාතිකයන් අසහනයට පත් කිරීමට සමත්ව තිබෙන බව දේශපාලන විචාරකයන් සඳහන් කර සිටී .

.