ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලබන 20 වැනිදායින් පසුව මෙරට පළාත් 9න් 8කම කිසිදු පළාත් පාලන නියෝජිතයකු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
හෙතෙම පෙන්වාදෙන්නේ අප්‍රේල් 20 වැනිදා වනවිට දකුණු හා බස්නාහිර පළාත්වල ද කාලය අවසන් වන බවයි.
2017 සිට මෙම තත්ත්වය පැවැතියද තවමත් පළාත් පාලන මැතිවරණයක් කැඳවීමට ස්වාධීන මැතිවරණ කොමිසම කටයුතු කර නැතැයි ද හෙතෙම සිහිපත් කර සිටියි.