පැතුම් වික්‍රමරත්න
වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල සිදු වු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද(25) ආරම්භ වීමට නියමිතය .
මේ දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිළි සහ පෙත්සම් 1142ක් මෙම කොමිසමට ලැබී ඇත.
එම පැමිණිලි සහ පෙත්සම් අතරින් කොමිෂන් සභාව පරීක්ෂා කළ පැමිණිලි 48ක් මුළික විමර්ෂණ කටයුතු සහා එම කොමිසම යටතේ අනුයුක්තව ඇති පොලිස් ඒකකය වෙත භාර දෙනු ලැබුවේය.
ඒ අනුව පොලිස් ඒකකය මගින් සිදුකළ මුලික විමර්ෂණ වලට අදාළ පැමිණිළි සම්බන්ධයෙන් මෙම සාක්ෂි සටහන් කර ගැනීම අද දිනයේ සිට සිදු කරයි.
ආරම්භයක් ලෙස අද දිනයේ මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේ දී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරෙන අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වු අක්රමිකතාවයකට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමට සිදුකිරීමද නියමිතව ඇත .