අමෙරිකාව ලොක්ඩවුන් කිරීම අවශ්‍ය නෑ

Picture of අසංක

අසංක

නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් කොරෝනා පාලනය සඳහා ඇමෙරිකාව අගුළු දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව වසංගත පිලිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කර ඇත.

ඇමෙරිකාවේ නිෂ්පාදිත එන්නත සියයට 90 කින් පලදායී බවත් ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එම එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ෆවුචි මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවට එරට මාධ්‍ය විසින් කර ඇති යෝජනාවන්ට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්” යැයි වෛද්‍ය ෆවුචි මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය