නවතම පුවත්

පළාත් අයවැය පරාජය කරන්න සහය වූ පොහොට්ටු සභිකයන්ට විනය ක්‍රියාමාර්ග

අසංක

අසංක

පළාත් පාලන ආයතන කිහිපයක ලබන වසර සඳහා වන අයවැය පරාජය කිරීමට සහය දුන් සිය පක්ෂයේ සභිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටී.

එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසුවේ .සිය පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත්වීම, අදාළ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ පෞද්ගලික කි‍්‍රයාකලාපයන්ට එරෙහිව සිදු වූවක් බවය.

ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී කොට්ඨාසයට අදාළ සභිකයින් සහභාගී කරවා නොගැනීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එවැනි ගැටළු පවතින්නේ නම් පක්ෂය දැනුවත් කරන ලෙසත්, එසේ නොමැතිව අයවැයට එරෙහිව ඡන්දය ලබානොදෙන ලෙසත් සිය පක්ෂයේ සියළුම පළාත් පාලන ආයතන සභිකයින් වෙත මීට පෙර ලිඛිත දැන්වීමක් කළ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

එවැනි දැනුම්දීමක් කර තිබියදී පක්ෂයේ තීරණය නොතකමින් කටයුතු කළ සභිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් පැවසීය.

ඊට අමතරව සභිකයින් සමග ගැටළු ඇති කරගත් පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සම්බන්ධයෙන් ද සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියා සිටියේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි