නවතම පුවත්

සිරියානු භූමියෙන් ISIS අතුගාලා දැම්මා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වසර 5ක් පුරා ජිහාඩ් අන්තවාදය නිර්මාණය කළ IS ඉස්ලාම් රාජ්‍යය සම්පූර්ණයෙන්ම භූමියෙන් අතුගා දැමූ බව කුර්දි සටන්කාමීන් පෙරටු කරගත් සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා අවධාරණය කරයි.

සිරියානු භූමිය තුළ ඉස්ලාම් රාජ්‍ය සතු වූ අවසන් බිම්කඩත් ඔවුන්ට අහිමිවීමත් සමග මෙම ජයග්‍රහණය සනිටුහන් කරන බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් භූමියෙන් මෙම ජිහාඩ් අන්තවාදය මුලිනුපුටා දැමුණද, එහි ගෝලීය හස්ථය ලොව පුරා පැතිර ඇති බැවින් මෙම අන්තවාදීන් සම්බන්ධ විමසිලිමත්භාවය අඩු නොකළ යුතු බවටද අනතුරු ඇඟවීම් පවතී.

මන්දයත්, ඔවුන් තවදුරටත් කලාපයේ රටවල තැනින් තැන සිටින අතර, නයිජීරියාවේ සිට පිලිපීනය දක්වා රටවල ඉස්ලාම් අන්තවාදයේ ජිහාඩ් හස්තය දිගුව පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මොවුන් විසින් සිරියාව සහ ඉරාකය ඈඳමින් බිහිකළ ඉස්ලාම් රාජ්‍යයට වර්ග කිලෝමීටර් 88,000ක භූමියක් අත්පත් කරගැනීමට හැකිවුවත්, පසුව මෙම ම්ලේච්ඡ ත්‍රස්තයන්ට එරෙහිව දියත් කෙරුණු සටන්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මේ සිහින රාජ්‍ය තුළ එකදු බිම් අඟලක් හෝ හිමි නොමැති තත්ත්වයක් උදාවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්