නවතම පුවත්

ඩයනාට – අරවින්ද්ට මැතිසබේ ආණ්ඩුපක්ෂයේ අසුන් ලැබෙයි

අසංක

අසංක

ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු සභාවේ අණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටී .

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා මෙහිදී සඳහන් කළේ ය.

මේ අතර ඔහු පැවසුවේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සෙසු විපක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනාට පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ වෙනත් අසුන් පැනවීමට පියවර ගෙන ඇති බවය.

කෙසේ වෙතත් පසුගිය දා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, සිය පක්ෂයේ මතයට එරෙහිව යමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා