ඩයනා පක්ෂෙන් දොට්ට

Picture of අසංක

අසංක

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශකිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවය.

එබැවින් සමගි ජන බලවේගය පක්ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ සඳහන් වේ.