බදු හා සම්බන්ධ සෑම ගනුදෙනුවකටම හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ හැකි පරිදි බදු නීතිය සංශෝධනය කිරීමට 2021 අයවැය මගින් යෝජනා කෙරෙන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට පාර්ලිමේන්තුවේ දී සිදු කරන අයවැය ප්‍රකාශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
බදු අභියාචන කඩිනමින් විසඳීම සඳහා බදු අභියාචනා උසාවියක් ස්ථාපනයට ද අයවැය ප්‍රකාශයෙන් යෝජනා කෙරේ.