ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටී
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උසස් වීමක් ලෙස ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බවත් මෙහිදී විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කලාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බව ද මෙහිදී අමාත්‍යවරිය කියා සිටියාය.
මේ වන විට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බවයි අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියාය.