සෑම කම්හලකම සෞඛ්‍ය කමිටු

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සියලුම කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටුවීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කොරෝනා ව්‍යාප්තියත් සමග පනවා ඇති සෞඛ්‍ය මාර්ගොපදේශ නිසි පරිදි ආරක්ෂා කිරීම සඳහා සේවකයින් පෙළඹවීම මෙහි අරමුණ බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. එම කටයුතු අධීක්ෂණය සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇත.