නවතම පුවත්

කොළඹ ලොක්ඩවුන් ප්‍රදේශවලට අද සිට විශේෂ ගිලන්රථ සේවාවක්

අසංක

අසංක

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් දියත් කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කීය.

“කොළඹ මහනගර සභා සීමාව තුල හුදෙකලා කර ඇති ප්‍රදේශ තුලින් වැඩිපුරම රෝගීන් වාර්තා වී තිබෙන බැවින් එම හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගීන් සිටිනවා නම්, ඔවුන්ට රෝහලකට ඒ්මට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම අවශ්‍යතාවය සදහා මීතොටමුල්ල විද්‍යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ගිලන් රථ ඒ්කකයක් ස්ථාපිත කොට තිබෙනවා.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ යටතේ කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව එය ක්‍රියාත්මක වනවා. එහි දුරකථන අංකය 011- 3422558 යි. කිසියම් රෝගියෙකුට 1990 ගිලන් රථ සේවාව ලබාගැනීමට අපහසු නම් මෙම සේවාව භාවිත කර කඩිනමින් රෝහලක් වෙත පැමිණිය හැකියි.

කිසිම රෝහලකට පැමිණීමට බිය විය නැහැ. හුදෙකලා ප්‍රදේශවල ජනතාව මෙම සේවාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා”

“එමෙන්ම මෙම හුදකලා කර තිබෙන ප්‍රදේශ සදහා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය ද එක්ව 20 දා සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරනවා. සායන වෙත පැමිණිය නොහැකි, ඖෂධ අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට ඒ අනුව එම සේවා ලබාගත හැකියි. අපි හෙට දිනයේ දී තීරණය කරනවා කුමන ස්ථාන වෙත ද පළමුව යන්නේ කියලා. ඒ් පිළිබදව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා විසින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔබ වෙත ලබා දී ඇති සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා