සතියක කාලයක් පාසල් විවෘත කර එම ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයන කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.
අනුව හෙට සිට පාසල් විවෘත කලද , හෙට සිට සතියක කාලයක් ඒ පිළිබඳව අධ්‍යයනය කර ඉදිරියටත් පාසල් ඇරීම ගැන තීරණය කරන බව ඔහු මාධ්‍ය වෙත අද පැවසීය
යම් හෙයකින් පාසල් ආශ්‍රිතව කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් ඇති වුවහොත් එහි වගකීම තමා භාර ගන්නා බවද ඔහු මෙහිදී පැවසීය ? යන්නය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මෙසේද පැවසීය
“හෙට පාසල් 5637ක් මගේ මතකයේ හැටියට විවෘත වෙනවා. උතුරෙන් ගත්තොත් සියලු පාසල් විවෘත කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ නැගෙනහිර පළාත ගත්තොත් පළාත් අධ්‍යක්ෂතුමා කිව්වේ පාසල් 5ක් ඇරෙන්න ඉතුරු ටිකේ දැනට සුදානම තියෙනවා කියලා. වයඹ පළාතේ අධ්‍යක්ෂවරයා කිව්වේ ආණ්ඩුකාරතුමා කිව්ව විදියට සමහර පාසල්වල ප්‍රශ්න තියෙන නිසා විවෘත කරන්න බෑ කිව්වා. විශේෂයෙන්ම කතා කළේ සබරගමුව පළාතේ අධ්‍යක්ෂ තුමා. එතුමා කිව්වේ බස්නාහිර පළාතට මායිම් වන නිසා එතැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා කිව්වා. ඒ හැරෙන්න මධ්‍යම පළාතේ පළාත සම්පූර්ණයෙන්ම සුදානමක් තියෙනවා. උතුරු මැද පළාත තියෙනවා. දකුණු පළාත හා ඌව පළාත තියෙනවා. ඒවා සුදානම්. මගේ අරමුණ තමයි දරුවා පාසල තුළට ගෙන යෑම. වැටි වැටී තමයි නැඟිටින්නේ. ඒ නිසා මේ සතිය අපි බලමු.“