අටලුගම කොරෝනා ආසාදිතයන් PCR එකටත් බොරු විස්තර දීලා

Picture of අසංක

අසංක

අටලුගම ප්‍රදේශයේ covid වෛරසය ආසාදිතයන් බොහොමයක් PCR පරීක්ෂණ වලදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම හේතුවෙන් අර්බුදයක් මතු වී තිබේ.

අද දිනයේ පමණක් එම ප්‍රදේශයේ සිදුකළ PCR සංඛ්‍යාව 100කට අධිකය.

PCR පරීක්ෂණයේදි ඔවුන් තම නම, ගම, ලිපිනය ආදී විස්තරවලට අසත්‍ය තොරතුරු ලබා දීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල ලද අවස්ථාවේදී එම පුද්ගලයන් සොයා ගැනීම ඉතා දුෂ්කර වී තිබේ.

ඊයේ දින එලෙස විස්තර සොයාගත නොහැකි පුද්ගලයින් දාහතක් පිළිබද වාර්තා වී ඇති අතර අද වන විට ඉන් 16 දෙනකු සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.