කොරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන රුපියල් 5000 දීමනාවට වඩා රුපියල් 10,000කට වඩා අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් බඩු මල්ල ආරක්ෂිත මෙන්ම ජනතාවගේ වඩා යහපත් ප්‍රතිචාරයක් පවතින බවට බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී තිබේ.
එමඟින් පෙන්වා දෙන්නේ රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට ජනතාව රැස් කිරීමේදී එය මෙම වසංගතය තවදුරටත් පැතිර වීම සහ උප පොකුරු සෑදීමට හේතුවක් වීමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම එම මුදල සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධතා මතු වන බැවින් එම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන වඩා යහපත් ප්‍රතිචාරයක් ඇති දසදහසේ බඩු මල්ල ලබාදීම වඩාත් උචිත බවට එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
රුපියල් දස දහසක් වටිනා භාණ්ඩ මල්ල හුදෙකලා කළ ප්‍රදේශවල සෑම පවුලකටම නිවසටම ගොස් ලබා දෙන අතර එම භාණ්ඩ ලංකා සතොස සහ සුපිරි වෙළඳ සැල් මගින් මිලදීගෙන සකස් කොට ජනතාවට ලබාදීමට රජය කටයුතු කරමින් සිටී.
එම භාණ්ඩ මල්ල පිළිබඳ ජනතාවගේ යහපත් ප්‍රතිචාර පවතින බවත් රුපියල් පන්දහසේ දීමනාවට වඩා එවැනි බඩු මල්ලක් ලැබීම, පවුලේ සැබෑ අවශ්‍යතා සපිරෙන බවටත් ජනතාව තුළ මතයක් පවතින බවට එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඊට හේතු වී ඇත්තේ ඇතැම් පුද්ගලයින් පන්දහසේ දීමනාව මත්පැන් ආදිය සඳහා ද වියදම් කිරීම මගින් පවුල්වල ආහාරපානාදියෙන් මහත් දුෂ්කරතා පැන නැගීමයි.
රුපියල් 10,000කට අධික වටිනා කමකින් යුත් මෙම බඩු මල්ල තුළ හාල් කිලෝ 25 ක් ඇතුළු වියලි ආහාර, ධාන්‍ය කුළුබඩු මෙන්ම පහත ලැයිස්තුවේ නොමැති වුවද භාණ්ඩ මලුවලට සනිපාරක්ෂක තුවා ආදිය ද ඇතුළත් වන බව බඩු මල්ල ලද ජනතාව අප වෙත පැවසීය.
ලංකා සතොස මගින් මිලදී ගන්නා භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වේ. සුපිරි වෙළඳ සැල් මගින්ද මෙම භාණ්ඩ ලැයිස්තුවම මිලදීගෙන එය සකස් කොට ඇත.