මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත රෙදිපිළි කාර්මාන්ත පුරයේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අනිද්දා (25 ) දින ආරම්භකිරීමට නියමිතව ඇත.
ඒ අනුව රෙදි පිලි නිෂ්පාදන ව්‍යවසායකයන් සඳහා වන ම්ම් විශේෂිත කර්මාන්ත කලාපයේ පළමු අදියරේ මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ලබන 25 වන දින පෙ.ව. 8.30 ට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
අක්කර 400 ක් පමණ අයත් කර ගන්නා මෙම කර්මාන්ත කලාපය අදියර කිහිපයක් යටතේ ඉදිකිරීමට යෝජිත අතර පළමු අදියර යටතේ අක්කර 200 ක් සංවර්ධනය කෙරේ. මෙම පළමු අදියර සංවර්ධනය සඳහා රජය විසින් රුපියල් මිලියන 4770 ක මුදලක් වෙන්කර ඇත.