නවතම පුවත්

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ජාතික මධ්‍යස්ථානයක් මෙරටට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
චීන රජයේ සහයෝගය ඇතිව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපනය කිරීමට ආතර් සී. ක්ලාක් ආයතනය සැලසුම් කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ආතර් සී. ක්ලාක් ආයතනය සහ චීනයේ දුරස්ථ සංවේදක සහ සංඛ්‍යාංක පෘථිවි ආයතනය ඊයේ (25) අත්සන් තැබීය

මෙම ජාතික මධ්‍යස්ථානය මගින් දිවයින තුළ ඇති ස්වාභාවික පරිසර පද්ධති හා පුරාවිද්‍යාත්මක සාධක ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගරික පද්ධති පිළිබඳ වැදගත් වූ භූගෝලීය තොරතුරු පහසුවෙන් අනාවරණය කර ගත හැකිය.

අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම් කෘෂිකර්මය, පුරාවිද්‍යාව, කාලගුණ විද්‍යාව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, පරිසර කළමනාකරණය, සාගර නිරීක්ෂණය, නාගරික සංවර්ධනය, ආපදා කළමනාකරණය හා ප්‍රවාහනය ඇතුළු බොහෝ විශේෂයන් හි පැතිරෙමින් පවතීන බවත් ඒ අනුව . මෙම චන්ද්‍රිකා මධ්‍යස්ථානය ඉදිකිරීම හරහා ලබාගත හැකි පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රකා දත්ත හා ඡායාරූප තුළින් හෙළිවන විවිධ අංශ වල තොරතුරු ඉදිරි ජාතික සංවර්ධන කාර්යයන් සඳහා ඉතා වැදගත් දායකත්වයක් සපයනු ඇති බවත් ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රකාශකයකු පැවසීය

චීන රජය විසින් මෙම චන්ද්‍රිකා ඇන්ටනාව නිෂ්පාදනය කරනු පිණිස අරමුදල් ප්‍රදානය කරන අතර, දැනට එය ක්‍රියාත්මක වෙමින් පවතී.

වසර දෙකක කාලයකින් එහි කටයුතු අවසන් කිරීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා