නවතම පුවත්

ඉන්දු-ලංකා සබඳතා නව මානයකට ගෙනයන්න ගෙවුණු වසර ඉවහල් වූ බව මෝදි කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබදතා නව මානයකට රැගෙන යමින් පුළුල් කිරීමට පසුගිය වසරක කාලය තුළදී හැකි වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කර සිටී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සෑම විටම කැප වී සිටින බව ද මොදී මහතා මෙහිදී සඳහන් කර ඇත.

කෝවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ දෙරට අතර ඇති වූ සහයෝගීතාව තුළින් එය මනාව පැහැදිලි වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම කෝවිඩ් නයින්ටීන් මර්දනයට ද ඉන්දීය රජයේ අඛණ්ඩ සහාය හිමිවන බව නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා