ජෝ බයිඩ්න් ඇමති මණ්ඩලය නම් කරයි

Picture of අසංක

අසංක

ඇමරිකාවේ 46 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින ජෝ බයිඩන් විසින් සිය කැබිනට් මණ්ඩලය නම් කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව පැරිස් සම්මුතිය අත්සන් කළ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ‘‘පරිසරය පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිතවරයා‘‘ වශයෙන් නම් කර ඇති අතර ඇමරිකාවේ දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර සඳහා ඉතිහාසයේ ලැටිනෝ ඇමරිකානු සම්භවයක් සහිත අයෙකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කර තිබේ. එම තනතුර හිමි වී තිබෙන්නේ පළපුරුදු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු වූ අලහේන්ද්‍රෝ මයොර්කස් වෙත ය. ඔහු කියුබාවේ උපන් අයෙකු වීම ද විශේෂ ලක්ෂණයකි.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය තුළ මෙක්සිකානු දේශසීමා කටයුතු මර්දනය ඇතුළු ඉතා දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නැවත ප්‍රජාතාන්ත්‍රික මගකට ගැනීම ඔහුට භාර වී ඇත

ඔබාමා පාලන සමයේ CIA හි හිටපු ප්‍රධාන චරිතයක් සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක උපදේශිකාව වූ ඇව්රිල් හයින්ස් (Avril Haines) හට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුල් පුටුව භාර වී දේ ඇති අතර ජගත් සංවිධාන සඳහා ඇමරිකානු තානාපතිනිය වශයෙන් පත් කර තිබෙන්නේ ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් (Linda Thomas- Greenfield) ය.

මෙවර බයිඩන් අනුගමනය කරමින් සිටින්නේ ‘විවිධත්වය සපිරි පාර්ලිමේන්තුව‘ යන දියුණු සංකල්පය බව පැහැදිලි වන බව එරට දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත

මෙම නාමයෝජනාවන් සෙනෙට් සභාව විසින් අනුමත කිරීමෙන් පසුව තහවුරු වනු ඇත.