Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට කොරෝනා මරණ
94 තෙක් ඉහළට
රෝගීන් 21000ක්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මෙරට තුළ මියගොස්   ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව, මෙරටදී මිගොස් ඇති මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94කි.
01. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඒවා ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 22 වන දා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රිය වීමය.
02. සියඹලාපේ දකුණ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 22 වනදා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් කොවිඩ් -19 ආසාදනය සමග උත්සන්න වීමය.
03. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මුලික රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් -19 නිව්මෝනියාව වේ.
04. බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර රෝහලේ සිට IDH  රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගය වේ.
දෙවන රැල්ලේ ආසාදිතයින් 17436ක් වාර්තා වී ඇති අතර හමුවූ මුලු කොරෝනා රෝගීන් ගණන 21000කට ආසන්නය.