ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නිවසේ සිටියදී හදසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.