PCR ප්‍රමාදය තවමත් – GMOA

Picture of අසංක

අසංක

පී සී ආර් පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදය තවදුරටත් සිදුවන බවත් එය රට තුල කොරෝනා පාලනය සඳහා විශාල බාධාවක් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් මුල්ම රෝගීන් ප්‍රමාණය හඳුනාගැනීම සඳහා සිදුකළ PCR පරීක්ෂණවල වාර්තා ලැබුණේ දින දෙකකටත් එහා ගිය ප්‍රමාදයක් සහිතව බවත් ඒ අනුව පළමු රෝගීන් හඳුනා ගැනීමට හැකිවුණේ රෝගීන් පොකුරක් නිර්මාණය වීමෙන් අනතුරුව බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

ඒ අනුව මෙම ප්‍රමාදය අවම කර පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.