මහර බන්ධනාගාර සිදුවීමෙන් මිය ගිය ගණන 8 දක්වා ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දින සිට මේ දක්වා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්  අද උදෑසන වන විට පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විට එම සිරුරු රාගම රෝහලට ගෙනවිත් තිබේ.

එසේම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 58ක් බවද ආරංචිමාර්ග සඳහන් කරයි .

තවදුරටත් බන්ධනාගාරය තුල කලහකාරී සිදුවීම් සිදුවෙන බවත් පොලිසිය සහ විශේෂ කාර්‍ය බලකාය ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.