දෙවන කොවිඩ් රැල්ල 20,000කට පැතිරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* මරණ 118ක්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ කොවිඩ් මරණ 2ක් ඊයේ (30) වාර්තා වීමත් සමගයි.
ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.
ඊයේ වනවිට දෙවැනි රැල්ලේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 20,124කි.
ඊයේ දිනයේ සුවය ලැබු 558 දෙනා සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560ක් දක්වා ඉහළ ගියේය.